විදෙස්

ඕස්ට්‍රේලියානු විද්‍යාඥයන් ඉඳිකටුව නැති එන්නතක් නිපදවීමට යයි

(UTV | ඕස්ට්‍රේලියාව) – වේදනා රහිත එන්නතක් නිපදවීම සඳහා ඕස්ට්‍රේලියාවේ සන්ෂයින් කෝස්ට් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් මුල පුරා ඇත.    

සාමාන්‍ය එන්නතක ඇතුළත් ඉඳිකටුවක හැඩය ගත් කොටස මෙහි නොවීම විශේෂත්වයක්.

සරම්ප සහ රුබෙල්ලා රෝගවලට අදාළව පළමු අත්හදා බැලීම් සිදුකෙරෙන අතර එය සාර්ථක වුවහොත් ඉන්ෆ්ලුවෙන්සා සහ කොවිඩ් වැනි රෝග සඳහාද මෙම වේදනා රහිත එන්නත් යොදා ගැනීමට අපේක්ෂිතයි.

මේ යටතේ කුඩා උපකරණයකින් විනාඩියක පමණ කාලයක් පුරා සම තෙරපුමකට ලක් කෙරෙන අතර කිසිඳු පැල්ලමක් හෝ සලකුණක් සමෙහි ඉතිරි නොවීමද විශේෂත්වයක් බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

Related posts

මෝදිගේ උපන්දිනයට, රනිල්ගෙන් සුබපැතුම්

Editor O

වෝල්ට් ඩිස්නි ෆොක්ස්ගේ ව්‍යාපාර මිලදී ගනී

Mohamed Dilsad

යුක්‍රේන ජනාධිපති ගමන්ගත් වාහනය අනතුරකට ලක්වෙයි

Mohamed Dilsad

Leave a Comment