විදෙස්

නවසීලන්තයේ කොරෝනා රෝගීන් සියල්ලන්ම සුවය ලබයි

(UTV | නවසීලන්තය) – නවසීලන්තයේ කොරෝනා වෛරසය ආසාදිත සියලු රෝගීන් මේ වන විට සුවය ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රෝහල්ගතව සිටි අවසන් රෝගියා ද පූර්ණ සුවය ලබා ඊයේ (26) රෝහලෙන් පිටව ගිය බවයි.

නවසීලන්තයේ කොරෝනා වෛරස ආසාදිතයින් 1500 ක පිරිසක් වාර්තා වූ අතර සිදුවූ මරණ සංඛ්‍යාව 21 ක්  බව සඳහන්.

කොරෝනා වසංගත ව්‍යාප්තියට සාර්ථකව මුහුණ දුන් රටක් ලෙස සැලකෙන නවසීලන්තයේ ගත වූ දින 5 තුළ එරටින් කිසිදු  නව ආසාදිතයෙකු හදුනාගෙන නොමැත.

Related posts

ලොව කාර්ය බහුලම ගුවන් ගමන් මාර්ගය වැසේ

Mohamed Dilsad

කොරෝනා පිළිබඳ ඇමරිකාවේ අලුත්ම වාර්තාව මෙන්න

Mohamed Dilsad

උතුරුදිග පිලිපීනයේ භූ කම්පන දෙකක්

Mohamed Dilsad

Leave a Comment