ගොසිප්

කොරෝනාවට එරෙහිව සටන් කරන කංසා

(UTV | කොවිඩ් 19 ) –  ගෝලීය වසංගයක් වූ කොරෝනා වෛරසය ආසාදනය වැළැක්වීම සඳහා “කංසා” යොදා ගත හැකි බවද යන්න සම්බන්ධයෙන් කැනේඩියානු විද්‍යාඥයින් කණ්ඩායමක් පර්යේෂණයක් ආරම්භ කර තිබේ.

කංසා වර්ග විශේෂ 400ක් යොදා ගනිමින් ලේත්බ්‍රිජ් සරසවියේ පර්යේෂකයන් විසින් මෙය සිදුකරනු ලබයි.

“කැනබිඩියෝල්” යොදා ගනිමින් සිදුකළ පර්යේෂණයේදී කොරෝනා වෛරසය මිනිස් සිරුරේ සෛල තුලට ඇතුල් වීමේ අවධානම 70 % කින් පමණ අඩු කිරිමට හැකියාවක් ඇති බව ඔවුන් සඳහන් කරයි.

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ සිදුකරමින් පවතින බැවින් කොරෝනා වෛරසයට එරෙහිව ජනතාව කංසා භාවිතා කිරිමට ඉක්මන් නොවිය යුතු බව එම පර්යේෂකයින් වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

Related posts

‘ජයත් නැති සුන්දරත් නැති’ පී බී – විමල්ගෙන් ප්‍රහාරයක්

Mohamed Dilsad

පාර්ලිමේන්තුවට උල් කතුරක් රැගෙන ආ තිදෙනෙකු ගැන පරීක්‍ෂණ

Mohamed Dilsad

දෛනික ආසාදිතයින් අඩුවීමට හේතුව

Mohamed Dilsad

Leave a Comment