දේශීය

සවුදියේ පිටුවහල් කඳවුරේ ලාංකිකයන්ගේ පළමු කණ්ඩායම අද දිවයිනට

(UTV | කොළඹ) – සවුදි අරාබියේ රියාද් හි ටාර්හීල් නම් පිටුවහල් කිරීමේ කඳවුරේ සිටි ශ්‍රී ලාංකිකයන්ගේ පළමු කණ්ඩායම අද (30) මෙරටට පැමිණීමට නියමිතව ඇත.   

මින් දෙවන සහ තුන්වන කණ්ඩායම මැයි මස 03 වනදා සහ 05 වනදා යන දිනවල දී ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු යොදා ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේ.

සෞදි බලධාරීන් සහ රියාද් හි ශ්‍රී ලාංකික තානාපති කාර්යාලය ඒකාබද්ධවයි ටාර්හීල් නම් පිටුවහල් කිරීමේ කදවුරේ සිටි ශ්‍රී ලාංකිකයින් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල ආරම්භ කර ඇත්තේ.

2020 ජූලි මාසයේ සිට තානාපති කාර්යාලය විසින් පිටුවහල් කිරීමේ කඳවුරුවලින් ශ්‍රී ලාංකිකයින් 154 දෙනෙකුට නැවත මෙරටට ගෙන්වාගෙන ඇති බවද විදේශ කටයුතු අමාතයංශය සඳහන් කරයි.

Related posts

ජනාධිපතිවරණය කඩිනමින් පවත්වන්න – විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් මැතිවරණ කොමිෂමට.

Editor O

මයන්තගේ තීරණය පක්ෂයට දන්වයි

Mohamed Dilsad

ගිනි නිවීමේ ඒකකයේ දුරකථන අංකය වෙනස්වෙයි

Mohamed Dilsad

Leave a Comment