දේශීය

සවුදියේ පිටුවහල් කඳවුරේ ලාංකිකයන්ගේ පළමු කණ්ඩායම අද දිවයිනට

(UTV | කොළඹ) – සවුදි අරාබියේ රියාද් හි ටාර්හීල් නම් පිටුවහල් කිරීමේ කඳවුරේ සිටි ශ්‍රී ලාංකිකයන්ගේ පළමු කණ්ඩායම අද (30) මෙරටට පැමිණීමට නියමිතව ඇත.   

මින් දෙවන සහ තුන්වන කණ්ඩායම මැයි මස 03 වනදා සහ 05 වනදා යන දිනවල දී ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු යොදා ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේ.

සෞදි බලධාරීන් සහ රියාද් හි ශ්‍රී ලාංකික තානාපති කාර්යාලය ඒකාබද්ධවයි ටාර්හීල් නම් පිටුවහල් කිරීමේ කදවුරේ සිටි ශ්‍රී ලාංකිකයින් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල ආරම්භ කර ඇත්තේ.

2020 ජූලි මාසයේ සිට තානාපති කාර්යාලය විසින් පිටුවහල් කිරීමේ කඳවුරුවලින් ශ්‍රී ලාංකිකයින් 154 දෙනෙකුට නැවත මෙරටට ගෙන්වාගෙන ඇති බවද විදේශ කටයුතු අමාතයංශය සඳහන් කරයි.

Related posts

දකුණු යුරෝපයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක  40c ඉක්මවයි : තැනින් තැන ලැව්ගිනි

Editor O

තද වැසි සමඟ නාය යෑමේ අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

පාර්ලිමේන්තු මැතිවරණයන් පසු හිටපු ජනාධිපති රනිල් ගන්න යන තීරණය

Editor O

Leave a Comment