දේශීය

සාමාන්‍ය රෝගීන්ගේ ICU කොරෝනා ආසාදිතයින්ට

(UTV | කොළඹ) – ඉහළයන කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට සාමාන්‍ය රෝගීන් සඳහා වෙන්කර ඇති දැඩි සත්කාර ඒකක (ICU) සහ වාට්ටු ලබා ගන්නා ලෙස සියලු රෝහල් අධ්‍යක්ෂවරුන්ට සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් දී තිබේ.  

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය මහතා සඳහන් කළේ, කොරෝනා රෝගීන් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම වාර්තා වීම සැලකිල්ලට ගනිමින් එම උපදෙස් ලබා දුන් බවය.

මේ අතර ඉහළ යන කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා දැනට නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පරිශ්‍ර අතරමැදි රෝහල් බවට පත් කිරීමේ වැඩපිළිවෙළ මේ වනවිට ආරම්භ කර ඇත.

Related posts

නැවත මුව ආවරණ පළඳින ලෙස දැඩි නිර්දේශ

Mohamed Dilsad

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

Mohamed Dilsad

රංජිත් මද්දුමබණ්ඩාරගේ පැමිණිල්ල අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

Leave a Comment