දේශීය

මයන්තගේ තීරණය පක්ෂයට දන්වයි

රාජ්‍ය මුදල් කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස පත්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

 

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා දැනුම්දෙන්නේ මයන්ත දිසානායක මහතා තමාට ඒ බව දැනුම්දුන් බවය.

 

පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීම හේතුවෙන් එම තනතුර අහෝසිවීමත් සමග රාජ්‍ය මුදල් කාරක සභාවේ අභිනව සභාපතිවරයා ලෙස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාව පත් කරගෙන තිබුණි.

 

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නම අදාළ තනතුර සඳහා විපක්ෂය නම් කර තිබියදී ආණ්ඩු පක්ෂය විපක්ෂයේම මයන්ත දිසානායක මන්ත්‍රීවරයාගේ නම යෝජනා කර සම්මත කර ගත් බව එහිදී වාර්තා විය.

Related posts

ක්‍රීඩා ඇමතිගේ ප්‍රකාශයට ක්‍රිකට් ආයතනයෙන් පිළිතුරු

Mohamed Dilsad

ලබන සතියේ සිට දුම්රිය 33 ක් ධාවනයට

Mohamed Dilsad

බිත්තර 53ට දෙන්න ගිය නිෂ්පාදකයින්ට මහපාරේදී එල්ලවූ විරෝධය

Mohamed Dilsad

Leave a Comment