දේශීය

ක්‍රීඩා ඇමතිගේ ප්‍රකාශයට ක්‍රිකට් ආයතනයෙන් පිළිතුරු

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පැනවූ තහනම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා ඊයේ (19) සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (20) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනු ලැබුවේය.

 

එහි සඳහන් වන්නේ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රජයේ බලපෑමෙන් තොරව ස්වාධීනව ක්‍රියාත්මකවීම අවශ්‍යතාවයක් වන අතර එම කවුන්සිලය අදාළ තීරණයට එළැඹුනේ සියලුම පූර්ණ සාමාජික රටවල අධ්‍යක්ෂවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැති රැස්වීමකදී බවය.

 

ශ්‍රී ලංකා ක්‍රිකට්, එවැනි තහනමක් ඉල්ලූ බවට අමාත්‍යවරයා එල්ල කළ චෝදනා ප්‍රතික්ෂේප කරන ක්‍රිකට් ආයතනය පවසන්නේ අදාළ තහනම හැකි ඉක්මනින් ඉවත් කරගැනීමට බලාපොරොත්තු වන බවය.

 

අදාළ චෝදනා වෙනුවෙන් පවතින නීතිමය ක්‍රියාමාර්ගවලින් බැහැරව මාධ්‍ය ඔස්සේ මහජන මතයට බලපෑම් කරමින් සිය බලය අයුතු ලෙස යොදාගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය තමා වෙත පවරා ගැනීමේ අරමුණෙන් අමාත්‍යවරයා කටයුතු කරන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය චෝදනා කරයි.

Related posts

උදයංග අත්අඩංගුවට

Editor O

පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය අද අගමැති අතින් විවෘත කෙරේ

Mohamed Dilsad

අලුත්ගම සිදුවීමට අදාළව පොලිස්පතිගේ නියමයෙන් පරීක්ෂණ

Mohamed Dilsad

Leave a Comment