දේශීය

පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය අද අගමැති අතින් විවෘත කෙරේ

(UTV |කොළඹ) – පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය අද (20) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.

එහි වෙළෙඳසැල් 1192 ක් සහ වාහන 600 ක් නැවැත්වීමේ පහසුකම් සහිත රථ ගාලකින් සමන්විතය.

මීට අමතරව සේවකයින් සඳහා විවේකාගාර, වෛද්‍ය පහසුකම් සැපයීමේ මධ්‍යස්ථාන, බැංකු, ආපනශාලා, අධිශීත ගබඩා, හෝටල් ඇතුළු පහසුකම් රැසකින් මෙම නව මැනිං වෙළෙඳ සංකීර්ණය සමන්විත වේ.

පෑලියගොඩ හුවමාරුව සමඟ දිවයිනේ සෑම ප්‍රදේශයකටම ගමන් කරන අධිවේගී මාර්ග සම්බන්ධ වීම හේතුවෙන් ඉතා පහසුවෙන් එළවළු ඇතුළු ආහාර ද්‍රව්‍ය කොළඹට ගෙන ඒමට සහ කොළඹින් පිට ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීමට අවස්ථාව හිමි වේ.

මේ නිසා කොළඹ නගරයේ සහ අනෙකුත් මාර්ගවල වාහන තදබදය අවම වීමට මෙය බලපෑමක් වන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සඳහන් කරයි.

Related posts

බිංගිරිය, පාතහේවාහැට, අරණායක සභාවල බලය සමගි ජනබලවේගයට

Editor O

කොළඹ මහ නගර සභා සීමාවේ වාහන නැවතුම් ගාස්තු එකතු කිරීම අද සිට

Mohamed Dilsad

කොරෝනා ආසාදිත තවත් නාවිකයන් 51 දෙනෙකු හඳුනා ගැනේ

Mohamed Dilsad

Leave a Comment