දේශීය

පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය අද අගමැති අතින් විවෘත කෙරේ

(UTV |කොළඹ) – පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය අද (20) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.

එහි වෙළෙඳසැල් 1192 ක් සහ වාහන 600 ක් නැවැත්වීමේ පහසුකම් සහිත රථ ගාලකින් සමන්විතය.

මීට අමතරව සේවකයින් සඳහා විවේකාගාර, වෛද්‍ය පහසුකම් සැපයීමේ මධ්‍යස්ථාන, බැංකු, ආපනශාලා, අධිශීත ගබඩා, හෝටල් ඇතුළු පහසුකම් රැසකින් මෙම නව මැනිං වෙළෙඳ සංකීර්ණය සමන්විත වේ.

පෑලියගොඩ හුවමාරුව සමඟ දිවයිනේ සෑම ප්‍රදේශයකටම ගමන් කරන අධිවේගී මාර්ග සම්බන්ධ වීම හේතුවෙන් ඉතා පහසුවෙන් එළවළු ඇතුළු ආහාර ද්‍රව්‍ය කොළඹට ගෙන ඒමට සහ කොළඹින් පිට ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීමට අවස්ථාව හිමි වේ.

මේ නිසා කොළඹ නගරයේ සහ අනෙකුත් මාර්ගවල වාහන තදබදය අවම වීමට මෙය බලපෑමක් වන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සඳහන් කරයි.

Related posts

ලංකාවේ අය මාලිමාවට රැවටුනාට : ජාත්‍යන්තරය රැවටිය නොහැකි බව ජිනීවාහිදී තහවුරු වෙලා – ශානක්‍යන් රාසමානික්කම්

Editor O

මාලිමාවට බලය හිමි, පදියතලාව සභාවේ අය-වැය පරාදයි

Editor O

පොහොට්ටු ජනාධිපති අපේක්ෂකයා බදාදා (07) නිල වශයෙන් ප්‍රකාශයට

Editor O

Leave a Comment