දේශීය

කොළඹ මහ නගර සභා සීමාවේ වාහන නැවතුම් ගාස්තු එකතු කිරීම අද සිට

(UTV | කොළඹ ) – අද (21) සිට කොළඹ මහ නගර සභා සීමාවේ වාහන නැවතුම් ගාස්තු එකතු කිරීම යළි ආරම්භ කෙරේ.

කොරෝනා වසංගතයත් සමග පැන වූ පොලිස් ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමඟ නගරයේ කටයුතු යථා තත්ත්වයට පත් කිරීමේ එක් අදියරක් යටතේ මෙම පියවර ගැනෙනු ඇත.

ඛාණ්ඩ 8 ක් යටතේ වාහන නැවැත්වීම සඳහා ගාස්තු අය කිරීම සිදු කෙරෙන බව කොළඹ නාගරික කොමසාරිස්වරිය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.

ස්වයංක්‍රීය වාහන ගාල් කිරීමේ ගාස්තු එකතු කිරීමේ ක්‍රියාවලිය ගාලු පාරේ සහ ඩුප්ලිකේෂන් පාරේ මෙන්ම ඊට සම්බන්ධ මාර්ගවල ක්‍රියාත්මක වන බව ද කොළඹ මහ නගර සභාව පවසයි.

Related posts

රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම ගැන රජයේ ස්ථාවරය

Editor O

පාඨලී චම්පික ඉදිරිපත් කළ පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණ නියෝගය

Editor O

ඉන්ධන සැපයුම ගැන නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment