දේශීය

කටුනායක සිද්ධියට ඇල්ලූ OIC ඇතුළු පොලීසියේ 4 දෙනාට අධිකරණය දුන් නියෝගය

කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පළායාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් අතර සිටි සැරයන්වරයා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් මීගමුව මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ.

 

එහිදී අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත්තේ අත්අඩංගුවට ගත් පොලිස් ස්ථානාධිපතිවරයා සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ඇප මත මුදා හැරීමටය.

 

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපොළේ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් සිව්දෙනා මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (25) අත්අඩංගුවට ගනු ලැබීය.

 

ව්‍යාජ නමකින් පෙනී සිටිමින් ඩුබායි බලා යාමට පැමිණි පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු එහීදී පොලිස් නිලධාරීන්ගෙන් මිදී පළා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

 

මෙම සැකකරු පුද්ගල ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බවට අනාවරණය වී ඇති බැවින් ගුවන් ගමන් තහනමක් ද පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

 

 

Related posts

අද දවසේ කාලගුණය

Mohamed Dilsad

පළාත් පාලන ඡන්දය ගැන අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය

Editor O

කොරෝනා අවදානම තවමත් – උත්සව සමයේ පරිස්සමෙන්

Mohamed Dilsad

Leave a Comment