දේශීය

කොවිඩ් නිසා ලාංකිකයන්ට ඉතාලියේ දොරටු වැසේ

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් පැමිණෙන පුද්ගලයන්ට රටට ඇතුලුවීම වළක්වමින් නිකුත් කර තිබූ නියෝගය ඉතාලිය විසින් දීර්ඝ කර ඇත.    

එරට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඊයේ අත්සන් තබා ඇති නියෝගයට අනුව කොවිඩ් අවධානම සළකා ශ්‍රී ලංකාව – ඉන්දියාව සහ බංග්ලාදේශය යන රටවලින් පැමිණෙන පුද්ගලයන්ට ඉතාලියට ඇතුලුවීමට අවසර නොදීමට පියවර ගෙන තිබේ.

එමෙන්ම එම රටවල මෑතකදී සංචාරය කර පැමිණෙන ඉතාලි පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ටද දින 10 ක නිරෝධායන කාලයකට යටත්වීමට සිදුවෙයි.

 

 

Related posts

අගමැති ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක්

Mohamed Dilsad

ඇමෙරිකාවේ ජලගැලීමෙන් 161 දෙනෙක් අතුරුදන්

Editor O

නිව් ඩයමන්ඩ් නෞකාවේ හිමිකරුවන්ගෙන් ශ්‍රී ලංකාවට වන්දියක්

Mohamed Dilsad

Leave a Comment