දේශීය

සෞඛ්‍ය උපදෙස් කඩකළ වැඩිම පිරිස ඊයේ අත්අඩංගුවට

(UTV | කොළඹ) – මුහුණු ආවරණ නොපැළඳි සහ දුරස්ථභාවය තබා නොගත් පුද්ගලයින් 177 දෙනෙකු ඊයේ (25) දිනයේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඉන් 134 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාතෙනි.

ඊට කොළඹ නගරයේ 34ක් ගම්පහ ප්‍රදේශයේ 45 දෙනෙක් අයත් බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

කළුතර ප්‍රදේශයෙන් 50 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොවිඩ් – 19 වෛරසය ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් කඩකරන්නන්ට එරෙහිව පියවර ගැනීමට පොලීසිය දිවයින පුරා මෙහෙයුම් සිදුකරමින් ඇත.

Related posts

සිරකරුවන් දෙස මානුෂීයව අවධානය යොමු කරන්න – ජනපති

Mohamed Dilsad

කම්කරු දෙපාර්තමේන්තුව යටතේ ඇති ආයතන සඳුදා සිට විවෘතයි

Mohamed Dilsad

නිදහස් දින ආරක්ෂාවට ආරක්ෂක අංශ සාමාජිකයන් 3000 ක්

Mohamed Dilsad

Leave a Comment