දේශීය

රිෂාඩ් නිදහස් කරන්නැයි කිරිඇල්ලගෙන් ඉල්ලීමක්

(UTV | නුවර) – සමස්ත ලංකා මහජන කොංග්‍රස් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට එරෙහිව කිසිදු ස්ථිර සාක්ෂියක් නොමැතිව සිදු කරන දේශපාලන හිරිහැර හෙළා දකින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.   

ඔහු මේ බව ප්‍රකාශ කළේ මහනුවර කඩුගන්නාවේ පැවති රැස්වීමකට එක්වෙමින්.

මීට පෙර ද පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ව අත්අඩංගුවට ගනු ලැබූ නමුත් ඔහුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති හේතුවෙන් ඔහුව නිදහස් කළ බවත්, ඔහු කිසියම් වරදක් සිදුකර ඇත්නම් එය අධිකරණය හරහා නීතිමය පියවර ගත යුතු බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙහිදී පැවසීය.

“රිෂාඩ් බදියුදීන් රටින් යන්නේ නැහැ. ඔහුට එරෙහිව සාක්ෂි තියෙනවා කියලා සෙනසුරාදා පාන්දර අත්අඩංගුවට ගත්තා. මීට පෙර තිබුනේ නැති සාක්ෂි හදිස්සියේම මතු වූයේ කොහොමද?” යැයි කිරිඇල්ල මහතා ප්‍රශ්න කර සිටියි.

හිටපු අමාත්‍යවරයා සහ ඔහුගේ සහෝදරයා පසුගිය සෙනසුරාදා (24) අලුයම අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පාස්කු ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට ආධාර කිරීම සහ අනුබල දීම යන චෝදනා මත ඔවුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔවුන්ගේ නිවෙස් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

 

Related posts

වාහන ආනයනය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

Editor O

නුවරඑළිය – රදැල්ල කෙටි මාර්ගයේ බර වාහන තහනමක්

Mohamed Dilsad

ඉන්දීය යුද හමුදා ප්‍රධානියා මෙරට සංචාරයක

Mohamed Dilsad

Leave a Comment