දේශීය

කම්කරු දෙපාර්තමේන්තුව යටතේ ඇති ආයතන සඳුදා සිට විවෘතයි

(UTV | කොළඹ ) – කම්කරු දෙපාර්තමේන්තුව යටතේ පවතින ආයතන සියල්ල සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ලබන 11 වනදා විවෘත කිරීම සඳහා පියවර ගෙන ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර පවසයි.

ඒ අනුව අත්‍යාවශ්‍ය වන සේවක කණ්ඩායම් පමණක් යොදා ගනිමින් සේවා ස්ථානවල කටයුතු ආරම්භ කරන බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේය.

එහිදී රැකියා ගැටළු සහිත කම්කරුවන්ගේ පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී ඇති අතර ආයතන විෂබීජහරණයට ලක් කර සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙස කාර්ය මණ්ඩල වෙත උපදෙස් ලබා දි ඇති බව සඳහන් වේ.

තවද කොවිඩ් නයින්ටීන් වෛරස් තත්ත්වය හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති පෞද්ගලික අංශයේ ව්‍යාපාර සම්බන්ධයෙන් තොරතුරු එක්රැස් කිරීමේ කටයුතු කම්කරු දෙපාර්තමේන්තුව මඟින් පසුගියදා සිදුකළේය.

ඒ සම්බන්ධයෙන් වන අවසන් ලේඛනය විෂය භාර අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත භාර දීමට නියමිත බව කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර සඳහන් කළේය.

මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරස් තත්ත්වය හමුවේ පෞද්ගලික අංශයේ කිසිදු සේවකයෙකුගේ රැකියා අහිමි වීමක් සිදුනොවන බව රැකිරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.

Related posts

“කුමන උපක්‍රම ගෙනාවත් 21දා වර්ජනය ස්ථීරයි” [UPDATE]

Mohamed Dilsad

කොරෝනා එන්නත් ලබාදීමේදී ගුරුවරුන්ට ප්‍රමුඛතාව ලබාදෙන ලෙස ඉල්ලීමක්

Mohamed Dilsad

තවත් ගුවන් අනතුරක් : යානා දෙකක් ගුවනේදී ගැටේ

Editor O

Leave a Comment