දේශීය

“කුමන උපක්‍රම ගෙනාවත් 21දා වර්ජනය ස්ථීරයි” [UPDATE]

(UTV | කොළඹ) – ලබන 21 සහ 22 යන දෙදින සේවයට වාර්තා නොකර සිටීමට තීරණය කළ බව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

අද රැස් වූ ගුරු – විදුහල්පති වෘත්තීය සමිති රැස්වීමේ දී මෙම තීරණයට එළඹ ඇති බවයි වාර්තා වුණේ.

කොළඹ පිහිටි ගුරු මැදුරේදී මීට අදාළ සාකච්ඡාව අද (18) පෙරවරුවේ පැවැත් වුණා.

+++++++++++++++++++++++++++++++++++++++++++++++++++ UPDATE @11.00 am

ඉතිහාසය පුරාම අරගල මර්දනය කිරීමට ගෙන ආ බාල උපක්‍රම පරාජයට පත් කළ නිසා කුමන උපක්‍රමයක් ගෙන ආවද ගුරු – විදුහල්පතිවරුන් 21 වන දා සේවයට වාර්තා නොකරන බව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසයි.

ළමයින් 200ට අඩු 1-5 ශ්‍රේණිය දක්වා පාසල් 3,000ක් පවතින නිසා තමන් දන්නා අයුරින් මේ වනවිට අධ්‍යාපන අමාත්‍යංශයට අනුයුක්ත කළ උපාධිධාරීන් එක් පාසලකට පස් දෙනා බැගින් යොමු කොට ඇතැයි ද හෙතෙම පවසයි.

තම අරගලය කඩාකප්පල් කිරීමට බාල උපක්‍රම ගෙන ආවද ඒවාට තමන් නොසැලෙන බවද අද (ඔක්. 18) ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරන බවද ජෝසෆ් ස්ටාලින් පවසයි.

ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව විසඳීම සඳහා රුපියල් මිලියන 30ක් ප්‍රමාණවත් වුව ද අරගලය කඩාකප්පල් කිරීම මුවාවෙන් සිදුකරන ක්‍රියා හේතුවෙන් රුපියල් මිලියන ගණනින් වියදම් වන බව ද හෙතෙම අවධාරණය කරයි. මෙවන් බාල උපක්‍රම හරහා අරගලය කඩාකප්පල් වෙනවා වෙනුවට අරගලය තවත් ශක්තිමත්ව ක්‍රියාත්මක වන බව මතක තබා ගත යුතු බවත් ඔහු පවසයි.

Related posts

මනෝගේ අවසාන නිගමනය අදින් අවසන්

Mohamed Dilsad

ඉන්දුනීසියා ආණ්ඩුව ට එරෙහි ජනතා විරෝධතා උග්‍රවෙයි….. : රාජ්‍ය ගොඩනැගිලි ගිනි තබයි

Editor O

ජනපති සහ කුවේට් අගමැති අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment