දේශීය

“ගුරු-විදුහල්පතිට උපරිම විසඳුම දුන්නා” – අගමැති

(UTV | කොළඹ) – ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව දුරලීම සඳහා රජයට දිය හැකි උපරිම විසඳුම මේ වනවිට ලබාදී ඇති බැවින්, රටේ සමස්ත දරු පරපුර වෙනුවෙන් තමන්ගේ යුතුකම් හා වගකීම් ඉටුකිරීමට නොපැකිළව පියවර ගන්නා ලෙස රටේ සමස්ත ගුරු – විදුහල්පති ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසී ය.

කොවිඩ් වසංගතය හේතුවෙන් මුහුණ පාන්නට සිදුවූ අනපේක්ෂිත ආර්ථික ගැටලු මැද වසර විසි ගණනක් පුරාවට නොවිසඳී පැවැති ගැටලුවකට ගුරු-විදුහල්පතිවරුන් වෙනුවෙන් සාධාරණ විසඳුමක් ලබාදීමට රජය කටයුතු කර තිබෙන බව ද අගමැතිවරයා මෙහිදී අවධාරණය කළේ ය.

වසරක කාලයක් තුළ සමස්ත වැටුප් විෂමතාවම ඉවත් කෙරෙන විසඳුමක් ලබාදී තිබියදී මෙරට සියලු දරුවන්ගේ නැණස පෑදීමේ වගකීම භාර ගුරු පුරපුර නිසියාකාරව තම වගකීම තේරුම් ගෙන කටයුතු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ ය.

Related posts

කථානායකගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

වාහන ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 450ක ණයවර ලිපි විවෘත කරලා – මහ බැංකු අධිපති

Editor O

කොරෝනා ආසාදනය වූ තවත් තිදෙනෙකු සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

Leave a Comment