දේශීය

දිස්ත්‍රික් අතර ගමනාගමනය ගැන ගැසට් නිවේදනයක් ඉදිරියේදී

(UTV | කොළඹ ) – ලබන සඳුදා සිට ක්‍රියාත්මක ජන ජීවිතය යථාවත් කිරීමේ ක්‍රියාවලිය යටතේ දිස්ත්‍රික් අතර ගමනා ගමනය පිළිබඳව ඉදිරි දින කිහිපය තුළ තීරණයක් ගැනීමට නියමිත බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

හෙට දිනයේදී හෝ ලබන සෙනසුරාදා වන විට ඒ පිළිබඳ පැහැදිළි කිරීමක් සිදු කිරීමට බලාපොරොත්තු වෙන බවත් ඊට අදාළ ගැසට් නිවේදනයක්ද සකස් කරමින් පවතින බවත් ඔහු සඳහන් කළේය.

ආසාදිත නොවන කලාපයක සිට ආසාදිත නොවන කලාපයකට පැමිණීම ගැටලූ සහගත නොවන බවත් තවදුරටත් හුදකලා කර ඇති ප්‍රදේශවලට ඇතුළුවීමට හෝ ඒ ප්‍රදේශවලින් පිටවීමට හැකියාවක් නොමැති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

Related posts

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10 කින් ඉහළට

Mohamed Dilsad

විල්පත්තුවේ ජනතාව නැවත පදිංචි කිරීම පිළිබඳව, හිටපු ඇමති බදියුදීන්ට එරෙහි රිට් පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි.

Editor O

කුකුළු මස්, මාළු මිල ගැන තීරණයක් ගනී

Mohamed Dilsad

Leave a Comment