දේශීය

සිරකරුවන් දෙස මානුෂීයව අවධානය යොමු කරන්න – ජනපති

(UTV | කොළඹ) – සිරකරුවන් දෙස මානුෂීයව අවධානය යොමු කර පවතින අඩු පාඩු විසඳා අවශ්‍ය පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ බන්ධනාගාර තුළ පවතින අඩු පාඩු සහ ගැටළු විමර්ශනය කොට විසඳුම් නිර්දේශ කරනු පිණිස අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදීයි.

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවීම නිසා 12,000 කට අධික පිරිසක් සිරගතව සිටින අතර ,ඔවුන් කෙරෙහි විශේෂ අවධානය යොමුකර පුනරුත්ථාපන වැඩසටහනක් සකස් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

බන්ධනාගාර ඇතුළත දැඩි තදබදය පිටුදැකීම පිණිස දැනට හඳුනාගෙන ඇති ස්ථානවල පෙර සවි ක්‍රමයට සිර ගෙවල් ඉදි කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙසටත් , විදෙස් රටවල සිර මැදිරිවල ආකෘති අධ්‍යයනය කර පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාවත් ජනපතිවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම රස පරීක්ෂක, නීතිපති සහ පොලිස් දෙපාර්තමේන්තුවල ප්‍රමාදයන් නිසා අතිවිශාල පිරිසක් රක්ෂිත බන්ධනාගාරතව සිටින අතර රේගුව, පොලීසිය, බන්ධනාගාරය, පුනරුත්ථාපන ඇතුළු අදාළ ආයතන එකතුව ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර පවතින ගැටළු නිරාකරණයට පියවර ගත යුතු යැයි ද ජනාධිපතිතුමා වැඩිදුරටත් මෙහිදී සඳහන් කළේය.

 

Related posts

දුම්රිය දෙපාර්තමේන්තුවේ ටිකට් ජාවාරමක් ගැන නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන අනාවරණය කරයි

Editor O

කින්නියා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ ඇරඹේ

Mohamed Dilsad

කඩු කිණිසි අතැතිව ව්‍යාපාරිකයා ට කළ තර්ජනය -CCTV

Mohamed Dilsad

Leave a Comment