දේශීය

කින්නියා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ ඇරඹේ

(UTV | ත්‍රිකුණාමලය) – ත්‍රිකුණාමලය – කින්නියා කලපුවේ – කුරින්චාකර්නි ප්‍රදේශයේදී පාලම් පාරුවක් පෙරළී හයදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය පත් කළ කමිටුව අද (24) රැස්වීමට නියමිතයි.

මේ අතර, පාලම් පාරුවේ හිමිකරුවන් ලෙස සැලකෙන පුද්ගලයින් මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර ඇති බවයි කින්නියා පොලිස් ස්ථානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු කියා සිටියේ.

ත්‍රිකුණාමලය – කින්නියා කලපුවේ – කුරින්චාකර්නි ප්‍රදේශයේදී පාලම් පාරුවක් පෙරළී දරුවන් ඇතුළු හයදෙනෙකු මියයෑමත් සමග ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළා.

Related posts

ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 12 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

දුර ගමන් සේවා පෞද්ගලික බස් රථ සඳහා ලංගම ඩිපෝ හරහා ඉන්ධන

Mohamed Dilsad

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තෝරා ගැනීම අද

Editor O

Leave a Comment