දේශීය

සෞඛ්‍ය ක්‍රමවේද ක්‍රියාත්මක නොකළ ආයතන 88 කට නීතිමය පියවර

(UTV | කොළඹ) – බස්නාහිර පළාත තුළ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන තුළ නිසි සෞඛ්‍ය ක්‍රමවේද ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් සොයා බලන මෙහෙයුමේදී ආයතන 88 කට එරෙහිව නිතීමය පියවර ගැනීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මීට අමතරව, ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 95 ක් තුළ පුද්ගලයින් 7996 දෙනෙක් තවදුරටත් නිරෝධායන වෙමින් පසුවෙයි.

අද දිනය වන විට කොවිඩ් 19 වෛරසය ආසාධනය වූ පුද්ගලයින් 59, 167 දෙනාගෙන් මේ වන විට පුද්ගලයින් 50 , 336 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

 

Related posts

බිත්තර ආනයනය මේ සතියේ ?

Mohamed Dilsad

වැඩ කිරීම වරදක් ලෙස දකින කණ්ඩායම් රට තුළ සිටීම ගැන කණගාටුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

ලංකාවට ඩොලර් දෙන්න ලෝක බැංකු අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment