දේශීය

සෞඛ්‍ය ක්‍රමවේද ක්‍රියාත්මක නොකළ ආයතන 88 කට නීතිමය පියවර

(UTV | කොළඹ) – බස්නාහිර පළාත තුළ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන තුළ නිසි සෞඛ්‍ය ක්‍රමවේද ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් සොයා බලන මෙහෙයුමේදී ආයතන 88 කට එරෙහිව නිතීමය පියවර ගැනීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මීට අමතරව, ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 95 ක් තුළ පුද්ගලයින් 7996 දෙනෙක් තවදුරටත් නිරෝධායන වෙමින් පසුවෙයි.

අද දිනය වන විට කොවිඩ් 19 වෛරසය ආසාධනය වූ පුද්ගලයින් 59, 167 දෙනාගෙන් මේ වන විට පුද්ගලයින් 50 , 336 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

 

Related posts

වකුගඩු රෝග සොයන්න චීනයෙන් ජංගම රථ 8ක්

Mohamed Dilsad

කුවේටයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් විශේෂ ගුවන් යානයකින් දිවයිනට

Mohamed Dilsad

විගණකාධිපති ධුරයට ජනවාරියේ ජනපතිගේ හෙංචයියෙක්…! – උදය ගම්මන්පිල

Editor O

Leave a Comment