Trending Newsඑසැන පුවත්දේශීය

පොහොට්ටුවේ රැස්වීමකට කර තිබූ සැරසිලි , ප්‍රාදේශීය සභාවේ මාලිමා සභාපති ගලවලා : පොලීසිය ට පැමිණිල්ලක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද කුරුණෑගලදී පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීමක් සම්බන්ධයෙන් බාධා කිරීම් පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

මෙම රැස්වීම පැවැත්වීමට නියමිතව තිබුණේ කුරුණෑගල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදීය.

එය සංවිධානය කර තිබුණේ ශ්‍රී ල.පො.පෙ. පළාත් පාලන නියෝජිතයින් සහ කොට්ඨාස ක්‍රියාකාරීන්ගේ හමුවක් ලෙසිනි.

රැස්වීම සඳහා අවශ්‍ය සැරසිලි කටයුතු ඊයේ රාත්‍රියේදී එම ස්ථානය ආසන්නයේ සිදුකර තිබී ඇත.

කෙසේ වෙතත්, අදාල පැමිණිල්ලට අනුව, එලෙස සවිකර තිබූ ශ්‍රී ල.පො.පෙ. කොඩි ඇතුළු සැරසිලි කණ්ඩායමක් විසින් ගලවාගෙන ගොස් ඇත.

මෙම සැරසිලි ඉවත් කර ඇත්තේ කුරුණෑගල ප්‍රාදේශීය සභා සභාපතිවරයා ඇතුළු පිරිසක් විසින් බවට චෝදනා කරමින් පොලිසියට පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

අදාළ පැමිණිල්ල පොලිසිය වෙත සිදු කර ඇත්තේ එම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ල.පො.පෙ. හිටපු සභාපතිවරයා විසිනි.

Related posts

கண்டி – கொழும்பு வீதியில் கடும் வாகன நெரிசல்

Mohamed Dilsad

மாணவர்கள் பல்கலைக்கழக கல்வியுடன் மாத்திரம் தம்மை மட்டுப்படுத்தி விடக்கூடாது – புத்தளத்தில் அமைச்சர் ரிஷாட்

Mohamed Dilsad

Why contest separately in 2020 if main political parties joined to develop country? – Vijitha Herath

Mohamed Dilsad

Leave a Comment