දේශීය

රිෂාඩ් සහ සහෝදරයාගේ අත්අඩංගුවට ගැනීම් මනෝ ගනේෂන් හෙළා දකී

(UTV | කොළඹ) – දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම තරයේ හෙළා දැක ඇත.

සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ (ACMC)නායකයා සහ ඔහුගේ සහෝදරයා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ අද (24) අලුයම් කාලයේදීයි.

“රාමසාන් සමය ඇරඹී මේ මුල් කාලයේදීම පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සහ රියාජ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම සඳහා ඇති උවමනාව කවරක්ද? එය එය මිලිටරිකරණය කිරීමක් ද? යනුවෙන් මනෝ ගනේෂන් ටිවිටර් නිවේදනයක් නිකුත් කර ඇත.

පාස්කු ප්‍රහාරයේ ඝාතකයන්ට ආධාර අනුබලදීම සහ ඔවුන් සමඟ සබඳතා පැවැත්වීමේ චෝදනා මත ඔවුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් මේ වන විට රහස් පොලිසිය විසින් ප්‍රශ්න කරනු ලබන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

මාස 6 කින් විදුලිය මිලදී ගැනීම දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 751 ක් දක්වා ඉහළට [UPDATE]

Mohamed Dilsad

සුවය ලැබූ ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment