දේශීය

බස්නාහිර සහ වයඹ අවධානම් මට්ටම ඉතා ඉහළයි

( UTV| කොළඹ) – බස්නාහිර සහ වයඹ පළාත්වල කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම ඉතා ඉහළ මට්ටමක පවතින බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනතුරු අඟවයි.

එහි සභාපති උපුල් රෝහණ සඳහන් කළේ එක් ආසාදිතයෙකුගෙන් වෛරසය ව්‍යාප්තවිය හැකි සංඛ්‍යාව පසුගිය කාලසීමාවට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බවයි.

අද (24) පෙරවරුවේ තවත් කොරෝනා මරණ 4 ක් මෙරටින් වාර්තාවීමත් සමඟ සමස්ත මරණ සංඛ්‍යාව 638 දක්වා ඉහළ ගියේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ වත්තල ප්‍රදේශයේ 18 හැවිරිදි තරුණියක්, නිට්ටඹුව ප්‍රදේශයේ 35 හැවිරිදි පුද්ගලයෙක්, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක් සහ මහරගම ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවක් ඊයේ මෙලෙස කොරෝනා ආසාදනයෙන් මියගොස් ඇති බවයි.

Related posts

2015 සිට මේ දක්වා විභාග වංචා 439ක් – ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු

Editor O

ශ්‍රී ලංකා – එංගලන්ත 20-20 තරඟය ඇරඹීමට වැස්ස බාධාකරයි

Editor O

හිජාස් හිස්බුල්ලාට ඇප දීම හෝ නොදීම පිළිබඳ තීරණය ලබන 07 වෙනිදාට

Mohamed Dilsad

Leave a Comment