දේශීය

බස්නාහිර සහ වයඹ අවධානම් මට්ටම ඉතා ඉහළයි

( UTV| කොළඹ) – බස්නාහිර සහ වයඹ පළාත්වල කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම ඉතා ඉහළ මට්ටමක පවතින බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනතුරු අඟවයි.

එහි සභාපති උපුල් රෝහණ සඳහන් කළේ එක් ආසාදිතයෙකුගෙන් වෛරසය ව්‍යාප්තවිය හැකි සංඛ්‍යාව පසුගිය කාලසීමාවට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බවයි.

අද (24) පෙරවරුවේ තවත් කොරෝනා මරණ 4 ක් මෙරටින් වාර්තාවීමත් සමඟ සමස්ත මරණ සංඛ්‍යාව 638 දක්වා ඉහළ ගියේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ වත්තල ප්‍රදේශයේ 18 හැවිරිදි තරුණියක්, නිට්ටඹුව ප්‍රදේශයේ 35 හැවිරිදි පුද්ගලයෙක්, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක් සහ මහරගම ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවක් ඊයේ මෙලෙස කොරෝනා ආසාදනයෙන් මියගොස් ඇති බවයි.

Related posts

Covid 19 අරමුදලට බැර වී ඇති මුදල රුපියල් මිලියන 420 ඉක්මවයි

Mohamed Dilsad

පොසොන් පොහොය නිමිත්තෙන් සුරාසැල් හා සමාජ ශාලා වැසේ

Mohamed Dilsad

කුසලතාව, නිපුණතාව වෙනුවට, ජවිපෙ යටත් විජිතභාවයට , යෞවන සමාජ පත්වෙලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment