Trending Newsඑසැන පුවත්දේශීය

2015 සිට මේ දක්වා විභාග වංචා 439ක් – ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු

වත්මන් විභාග කොමසාරිස් ජනරාල්වරයාගේ කාලයේදී අතිශය බරපතල විභාග වංචා දෙකක් සිදුව ඇති බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. අදාළ වංචාවලට නිසි පියවර නොගැනීම හේතුවෙන් කොමසාරිස්වරයා අදාළ තනතුරින් ඉවත් කළ යුතු බවද හෙතෙම කීවේය. අනුරාධපුරයේ හෙතෙම ඒ බව කීවේය.

විභාග වංචාවලට සම්බන්ධ බවට චෝදනා ලැබුවන් විභාග රාජකාරී අත්හිටුවීම හැර වෙන කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට ලංකා ගුරු සංගමයේ සභාපතිවරයා සඳහන් කරයි.. 2015 වසරේ සිට මේ දක්වා බරපතළ ගණයේ විභාග වංචා 439ක් සිදුව ඇතැයි ද, ඒ වෙනුවෙන් ද ලබාදී ඇති උපරිම දඬුවම ජීවිත කාලයටම විභාග රාජකාරී පමණක් තහනම් කිරීම බවයි, ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් වන චෝදනා විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රතික්ෂේප කළේය. මේ වනවිට 2024, 5 ‌ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට එරෙහිව අධිකරණයේ නඩුක් ගොනු කර ඇති බවත්, එයට අමතරව විභාග දෙපාර්තමේන්තුව වශයෙන් එයට අදාළව පූර්ණ විමර්ශනයක් කරන බව.විභාග කොමසාරිස්වරයා සඳහන් කරයි.

Related posts

Prseident meets Party Leaders

Mohamed Dilsad

ஐஸ்கிரீம் வாங்கி தர மறுத்த காதலர் கொலை

Mohamed Dilsad

மரண தண்டனை வழங்க பொருத்தமானவர்கள் இவர்களே…

Mohamed Dilsad

Leave a Comment