දේශීය

හිජාස් හිස්බුල්ලාට ඇප දීම හෝ නොදීම පිළිබඳ තීරණය ලබන 07 වෙනිදාට

(UTV | කොළඹ) – ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ අත්අඩංගුවට ගෙන සිටින නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතාට ඇප දීම හෝ නොදීම පිළිබඳ තීරණය ලබන 07 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද දැනුම් දුන්නා.

මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවෙල යන විනිසුරුවරුන් විසිනුයි එම දැනුම් දීම සිදුකළේ.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන මාස විස්සකට ආසන්න කාලයක් රදවාගෙන සිටින නීතීඥ හිජාස් හිස්බුල්ලාට ඇප ලබා දීම පුත්තලම මහාධිකරණය දින කිහිපයකට පෙරද ප‍්‍රතික්ෂේප කළා.

පුත්තලම මහාධිකරණ විනිසුරුවරිය එහිදී දැනුම් දී තිබුණේ අභියාචනාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එහිදී ඇප ඉල්ලා සිටින ලෙසයි.

පසුගිය විසිවන දා නීතීඥ හිජාස් හිස්බුල්ලා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුව පවසා සිටියේ, ඔහුට ඇප ලබා දීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ විරෝධයක් නොමැති බවයි.

Related posts

ලෙබනනයට පිටත්වීමට අපේක්ෂිත ශ්‍රමිකයින් සඳහා නව රෙගුලාසි

Mohamed Dilsad

ඉන්දියාවේ, කේරළයේ ජාත්‍යන්තර වරායක් විවෘත කරයි. : කොළඹ වරායේ ආදායමටත් දැඩි බලපෑමක්

Editor O

දිවයින පුරා වනජීවි නිලධාරීන් හෙට සිට අසනීප නිවාඩු

Mohamed Dilsad

Leave a Comment