ක්‍රීඩා

සුපර් ලීගයෙන් එංගලන්ත පාපන්දු සමාජ ඉවත්වෙයි

(UTV | එංගලන්තය) – යුරෝපියන් සුපර් ලීග් පාපන්දු තරඟාවලිය හා එක්වන බව පැවසු එංගලන්තයේ ප්‍රධාන පෙළේ පාපන්දු කණ්ඩායම් 6ම තමන් ඉන් ඉවත්වන බව පවසයි.   

ඒ බව පළමුවෙන් ප්‍රකාශයට පත්කළේ මැන්චෙස්ටර් සිටි කණ්ඩායමයි. චෙල්සි කණ්ඩායම ද ඊට එක්වුණි.

මේ වනවිට ආ(ර්)සනල්, ලිවර්පූල්, මැන්චෙස්ටර් යුනයිටඩ් සහ ටෝටන්හැම් කණ්ඩායම් ද ඊට එක්වී තිබේ.

පාපන්දු ක්‍රීඩාව රැකගැනීමේ අභිප්‍රායෙන් තමන් “යුරෝපියන් සුපර් ලීග්” තරඟාවලිය සංවිධානය කරන බව ඊට එක්වූ යුරෝපයේ ප්‍රධාන පාපන්දු කණ්ඩායම් 12ක් පසුගිය ඉරිදා නිවේදනය කළේය.

නමුත් ඊට විවිධ පාර්ශ්ව වලින් එල්ලවූයේ දැඩි විරෝධයකි.

 

Related posts

ඉන්දීය 19න පහළ කණ්ඩායම ලකුණු 229ක් ඉදිරියෙන්

Mohamed Dilsad

එංගලන්තය හමුවේ ලැබූ පරාජය ගැන මිකී ආතර් කතා කරයි

Mohamed Dilsad

කාසියේ වාසිය බංග්ලාදේශයට

Mohamed Dilsad

Leave a Comment