ක්‍රීඩා

එංගලන්තය හමුවේ ලැබූ පරාජය ගැන මිකී ආතර් කතා කරයි

(UTV | ගාල්ල) – කලින් සැලසුම් නොකළ ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩා කිරීමට යාම හේතුවෙන්, ශ්‍රී ලංකා පිල එංගලන්තය සමඟ පැවති දෙවන ටෙස්ට් තරඟයේ ජයග්‍රහණය, ප්‍රතිවාදී පිලට පිරිනැමූ බව ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පවසයි.

ඔහු කියා සිටියේ මේ හේතුවෙන් දින 3 ක් තිස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි පරිශ්‍රමයෙන් එංගලන්ත පිලට එල්ල කළ පීඩනය ප්‍රතිඵලයකින් තොරව අපතේ ගිය බවයි.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති දෙවැනි සහ අවසන් ටෙස්ට් තරඟය කඩුලු 6කින් ජය ලැබීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්විය.

තරඟයේ සිව් වැනි දිනය වූ ඊයේ (25) ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු 164, කඩුලු 4ක් පමණක් දැවී රැස් කිරීමට එංගලන්ත ක්‍රීඩකයෝ සමත්වූහ.

ඒ අනුව දෙරට අතර පැවති ටෙස්ට් තරඟාවලිය 2-0ක් ලෙස ජයගැනීමට සංචාරක කණ්ඩායම සමත් විය.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම පිටපිට ටෙස්ට් තරඟ 4 ක් පරාජය වී තිබේ. පසුගිය දා දකුණු අප්‍රිකාව සමග එරටදී පැවති ටෙස්ට් තරඟාවලිය ද 2-0 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය විය.

 

Related posts

බංගලාදේශ ක්‍රිකට් නායක මෂ්රෆි මෝර්ටසා පාර්ලිමේන්තුවට.

Mohamed Dilsad

ඇන්ජෙලෝ යළි ක්‍රිකට් පිටියට

Mohamed Dilsad

යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් ක්‍රීඩකයන්ට තවත් අවස්ථාවක්

Mohamed Dilsad

Leave a Comment