දේශීය

ඇෆ්ලටොක්සීන් අඩංගුදැයි කියපු පොල්තෙල් සාම්පල් 30 ක ප්‍රතිඵල අවුරුදු නිවාඩුවෙන් පසු

(UTV | කොළඹ) – ප්‍රතිඅපනයනය සඳහා නියෝග කළ එක් සමාගමක පිරිපහදු නොකළ පොල් තෙල් බහලුම් රැගත් ‘බාබරා’ නෞකාව ඊයේ(12) රාත්‍රියේ කොළඹ වරායෙන් පිටත්ව ගියා.

මෙට්‍රික් ටොන් 105ක් පමණ වන අදාළ පොල්තෙල් තොගය නැවත රැගෙන යනු ලැබුවේ මලයාසියාව වෙතයි.

මේ අතර ඇෆ්ලටොක්සීන් පිළිකා කාරකය අඩංගුදැයි සොයාබැලීම සඳහා වෙළඳපොලෙන් ලබාගත් සෙසු පොල්තෙල් සාම්පලවල ප්‍රතිඵල, අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු නිකුත්වනු ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය ප්‍රකාශ කළා.

එහි උසස් නිලධාරියෙකු කියා සිටියේ ඇෆ්ලටොක්සීන් පිළිකා කාරකය අඩංගුදැයි සොයා බැලීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෙත යොමු කළ තවත් පොල්තෙල් සාම්පල 30ක ප්‍රතිඵල මෙලෙස නිකුත් වීමට නියමිත බවයි.

Related posts

වේල්ලවීදියෙන් හමුවූ තරුණියගේ මළ සිරුරේ හිස සොයා විමර්ශන තවදුරටත්

Mohamed Dilsad

ස්ථානාධිපති වර්ජනය ගැන තීරණය අද සවස

Mohamed Dilsad

විග්නේෂ්වරන්ගේ නව සන්ධානයේ ප්‍රථම රැස්වීම අද

Mohamed Dilsad

Leave a Comment