විදෙස්

ද්විත්ව විකෘති නව කොරෝනා ප්‍රභේදයක්

(UTV | ඉන්දියාව) – ඉන්දියාවෙන් ද්විත්ව විකෘති නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් හමු වී තිබේ.

අදාළ පරීක්ෂාව සඳහා ලබාගෙන ඇති මුළු සාම්පල ගණන 10787 කි.

ඉන්, 736 ක් බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගැනුණු නව කොරෝනා ප්‍රභේදයට අයත් ය.

තවත් සාම්පල 34 කින්, දකුණු අප්‍රිකානු නව කොරෝනා ප්‍රභේදය හමු වී ඇත.

බ්‍රසීලයෙන් සොයාගත් නව කොරෝනා ප්‍රභේදය සහිත සාම්පලයක් ද ඊට ඇතුළත් ය.

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග එම පරීක්ෂණ සිදු කර තිබුණි.

ඉන්දීය රජය පවසන්නේ, නව ආසාදිතයින් වාර්තා වීම සහ ද්විත්ව විකෘති ප්‍රභේද වාර්තා වීම අතර කිසිදු සබඳතාවක් නොමැති බවයි.

Related posts

නවතම කොවිඩ්-19 රැල්ලක් – WHO

Mohamed Dilsad

උතුරු කොරියාව කෙටි දුර මිසයිල කිහිපයක් අත්හදා බැලේ

Mohamed Dilsad

පිලිපීන භූකම්පනයෙන් ජීවිත හානි

Mohamed Dilsad

Leave a Comment