විදෙස්

නවතම කොවිඩ්-19 රැල්ලක් – WHO

(UTV | ජෙනීවා) – කොවිඩ්-19 වසංගතයේ නව රැල්ලක් යුරෝපයට බලපා ඇති අතර, එහි බලපෑම අවම කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් දැන් සිටම ක්‍රියා කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවයි.

“සරත් සමය පැමිණෙන තෙක් බලා සිටියොත් ප්‍රමාද වැඩියි” යනුවෙන් WHO යුරෝපයේ කලාපීය අධ්‍යක්ෂ ආචාර්ය හාන්ස් ක්ලූගේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

“අපි පසුගිය ග්‍රීෂ්ම ඍතුවට සමාන තත්ත්වයක සිටින බව දැන් හොඳටම පැහැදිලියි. මේ වතාවේ පවතින කොවිඩ්-19 තරංගය ඔමික්‍රොන් ප්‍රභේදයේ, විශේෂයෙන් BA.2 සහ BA.5 යන උප ප්‍රභේද හරහා පැතිර යනවා. ඔමික්‍රොන් හි මේ ප්‍රභේද කලින් සංසරණය වූ වෛරස්වලට වඩා පැහැදිලි සම්ප්‍රේෂණ වාසි පෙන්නුම් කරනවා.” ඔහු පෙන්වා දුන්නේය.

පාසල් නැවත විවෘත වනවිට සහ සංචාරකයින් නිවාඩුවෙන් ආපසු නිවෙස් වෙත පැමිණෙන විට සරත් සෘතුවේ සහ ශීත ඍතුවේ දී රෝහල්ගතවීම් වැඩිවීම වේගවත් වනු ඇතැයි ක්ලූගේ අනතුරු ඇඟවීය. තවත් සාධකයක් නම්, මිනිසුන් දැන් ගත කරනවාට වඩා වැඩි කාලයක් ගෘහස්ථව ගත කිරීමට සිදුවනු ඇති බව WHO නිලධාරියා පැහැදිලි කළේය.

පසුගිය සති හය තුළ යුරෝපයේ නව කොවිඩ්-19 රෝගීන් තුන් ගුණයකින් වැඩි වී ඇති බව ක්ලූගේ මතක් කර දුන්නේය. පසුගිය සතියේ, මහාද්වීපයේ නව රෝගීන් මිලියන තුනකට ආසන්න ප්‍රමාණයක් වාර්තා වූ අතර, ගෝලීය වශයෙන් නව රෝගීන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් ඒ අතර වෙයි.

Related posts

ඇමරිකානු ජනාධිපතිවරණය හෙට – ජෝ බයිඩ්න් ඉදිරියෙන්

Mohamed Dilsad

භූ කම්පනයක් හේතුවෙන් බැංකොක් නුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි.

Editor O

සීමාවන් දීර්ඝ කළත් ඉන්දියාවේ කටයුතු කෙමෙන් යථා තත්ත්වයට

Mohamed Dilsad

Leave a Comment