දේශීය

පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදී පලාගිය වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ) – කිරුළපන – නාගස්වත්ත ප්‍රදේශයේදී වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර පලාගිය සැකකරුවෙකු යළි අත්අඩංගුවට ගෙන ඇත.  

ඊයේ (21) අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ගොස් ඇති අතර, එහිදී මෙම සිද්ධිය වාර්තාවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේය.

තුවාල ලැබූ පොලිස් නිළධාරීයා රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

 

Related posts

කොවිඩ් එන්නතේ තුන්වන මාත්‍රාව ලබාදිම හෙට සිට

Mohamed Dilsad

ආයුධ සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

බලශක්ති ගිවිසුම් වෙනස් කිරීම ආයෝජකයන් අධෛර්යමත් කිරීමක් – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

Leave a Comment