දේශීය

පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදී පලාගිය වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ) – කිරුළපන – නාගස්වත්ත ප්‍රදේශයේදී වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර පලාගිය සැකකරුවෙකු යළි අත්අඩංගුවට ගෙන ඇත.  

ඊයේ (21) අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ගොස් ඇති අතර, එහිදී මෙම සිද්ධිය වාර්තාවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේය.

තුවාල ලැබූ පොලිස් නිළධාරීයා රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

 

Related posts

දිස්ත්‍රික් 5ක අද වෙද වර්ජනයක්

Mohamed Dilsad

බූස්ටර් නොගැව්වොත් වැඩ වරදී

Mohamed Dilsad

වරාය සේවකයින් හා අග්‍රමාත්‍යවරයා අතර අද විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment