දේශීය

අමරපුර නිකායේ මහනායක, අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන් අපවත්වෙයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අති පූජ්‍ය අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නායක හිමියන් අද (22) අලුයම අපවත් විය.   

කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත් වනවිට උන්වහන්සේ 88 වන වියෙහි පසුවිය.

1933 වසරේ ජනවාරි 23 වනදා මිනුවන්ගොඩ, කොටුගොඩ ග්‍රාමයේදී උපත ලැබූ උන්වහන්සේ 1948 වසරේදී පැවිදි දිවියට ඇතුළත් වුණා.

අමරපුර භික්ෂු වංශයේ සියලු පාර්ශවයන් එක්ව පිහිටුවන ලද අමරපුර මහ නිකායේ උත්තරීතර මහනායක පදවියට කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියන් පත්වන්නේ 2017 වසරේදියි.

අමරපුර භික්ෂු වංශය ආරම්භ වී වසර 214 ක් සම්පූර්ණ වන වර්ෂයේදී උන්වහන්සේ මෙලෙස මහනායක ධුරයට පත්විය.

මේ අතර මහ නායක අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍ය අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ අපවත්වීම වෙනුවෙන් ශෝකය පළ කර සෑම විහාරස්ථානයකම කහ කොඩියක් ඔසවන ලෙස අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරී මහාචාර්ය පුජ්‍ය පල්ලෙකන්දේ රතනසාර හිමියන් ඉල්ලීමක් කළේය.

Related posts

TNA විශේෂ රැස්වීමක්

Mohamed Dilsad

වැඩි මිළට භාණ්ඩ අලෙවි කරන්නන්ගේ ඇඳිරි නීති බලපත්‍ර අහෝසි කරයි

Mohamed Dilsad

අධිකරණ නියෝග පිළිබඳ යූටියුබ් කරුවන්ගේ ප්‍රකාශ ගැන නීතීඥ සංගමයෙන් නිවේදනයක්

Editor O

Leave a Comment