දේශීය

පැය 24 ක් තුළදී රිය අනතුරුවලින් 12 ක් මරුට

(UTV | කොළඹ) – ගතවූ පැය 24 තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

ඉන් මරණ 08 ක් වාර්තා වී ඇත්තේ ඊයේ දිනය තුළ සිදු වූ රිය අනතුරුවලින් බව ද පොලිසිය සඳහන් කළේය.

රිය අනතුරුවලින් දිනකට පුද්ගලයින් 10 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් මිය යාම මාර්ග ආරක්ෂාව පිළිබද බරපතල තත්ත්වයක් බව ඒ මහතා අවධාරණය කරයි.

එම නිසා දෛනිකව සිදුවන රිය අනතුරු වළක්වා ගැනීමට ඉදිරියේදී දැවැන්ත රථ වාහන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේය.

 

Related posts

පක්ෂ ලේකම්ගේ ලිඛිත දැනුම් දීම් පමණක් පිළිගන්නවා. ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු පත් කිරීම ගැන මැතිවරණ කොමසාරිස් කියයි.

Editor O

අරලියගහ මන්දිරයේ විශේෂ සාකච්ඡාවක් හෙට

Mohamed Dilsad

ආණ්ඩු හදන්නෙත්, ආණ්ඩු පළවා හරින්නේත් ජනතාවයි – පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ආරක්ෂා කරමින් රට වෙනුවෙන් යුතුකම් ඉටු කරනවා. – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

Editor O

Leave a Comment