විදෙස්

නරේන්ද්‍ර මෝදි කොවිඩ් එන්නත ලබාගනී

(UTV | ඉන්දියාව) – ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

භාරත් බයෝටෙක් සහ ඉන්දියානු වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය විසින් සංවර්ධනය කරන ලද ඉන්දියාවේම නිෂ්පාදිත එන්නතක් වන කොවැක්සින් එන්නත අගමැති මෝදි විසින් ලබාගෙන තිබේ.

සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු ඒ බව තහවුරු කර ඇත.

එන්නත ලබා ගැනීමට සුදුසුකම් ඇති සියලු ඉන්දියානුවන්ට එන්නත ලබාගන්නා ලෙස තමන් ඉල්ලා සිටින බව ද අග්‍රාමාත්‍ය මෝදි එම සටහනේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ වන විට ලෝකයේ රටවල් රැසක එන්නත්කරණය වැඩසටහන් ආරම්භකර ඇති අතර ලොව විශාලතම එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ඉන්දියාව තුළයි.

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනෙකා සමාගම සමග එක්ව සංවර්ධනය කළ කොවිෂීල්ඩ් එන්නතද ඉන්දියාවේ සේරම් ආයතනය විසින් නිෂ්පාදනය කර ලෝකය පුරා බෙදාහරින සහ මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානයේද අනුමැතිය ලද එන්නතක් වුවද, අගමැති මෝදි ඉන්දියාවේම සංවර්ධනය කරන ලද කොවැක්සින් එන්නත විදගැනීමද විශේෂත්වයකි.

 

Related posts

ගෝලීය කොරෝනා ආසාදිතයන් ගණන 6,200,000 ඉක්මවයි

Mohamed Dilsad

මරණින් කෙලවර වූ පාපන්දු තරඟය

Mohamed Dilsad

ස්කොට් මොරිසන් දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment