විදෙස්

මරණින් කෙලවර වූ පාපන්දු තරඟය

(UTV |  ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ පාපන්දු තරගයක් අතරතුර ඇතිවූ කලහකාරී තත්ත්වයක් හේතුවෙන් ඇතිවූ තෙරපීමකින් පුද්ගලයන් 129 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මියගිය පුද්ගලයින්ගෙන් දෙදෙනෙකු පොලිස් නිලධාරින් බවට සදහන් වෙයි.

Arema FC සහ Persebaya Surabaya යන කණ්ඩායම් දෙක අතර පැවති තරගයෙන් Arema කණ්ඩායම 3-2ක් ලෙස පරාජයට පත් වූ වත් සමග ක්‍රීඩාංගනයේ ගැටුම්කාරී තත්ත්වයක් ඇති වූ බවට වාර්තා වේ.

පසුව පොලිස් නිලධාරීන් විසින් ගැටුම්කාරී තත්ත්වය සමතයකට පත් කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

කෙසේ වෙතත් විදෙස් වාර්තා සඳහන් කර ඇත්තේ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමත් සමග හුස්ම ගැනීමට අපහසු වූ පිරිස ක්ලාන්ත වී ඇද වැටි ඇති බවය.

ඒ සමගම ඇතිවූ තදබදය නිසා විශාල පිරිසක් මරණය ට පත්වී ඇති බව සඳහන් වෙයි.මරණින් කෙලවර වූ පාපන්දු තරඟය

Related posts

ඇමරිකානු, උතුරු කොරියානු නායකයින්ගේ හමුවීමගැන CIA නායකයාගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

නවසීලන්ත මහ මැතිවරණ මසකින් කල් යයි

Mohamed Dilsad

වයිකෝ අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment