දේශීය

පැය 24 ක් තුළදී රිය අනතුරුවලින් 12 ක් මරුට

(UTV | කොළඹ) – ගතවූ පැය 24 තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

ඉන් මරණ 08 ක් වාර්තා වී ඇත්තේ ඊයේ දිනය තුළ සිදු වූ රිය අනතුරුවලින් බව ද පොලිසිය සඳහන් කළේය.

රිය අනතුරුවලින් දිනකට පුද්ගලයින් 10 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් මිය යාම මාර්ග ආරක්ෂාව පිළිබද බරපතල තත්ත්වයක් බව ඒ මහතා අවධාරණය කරයි.

එම නිසා දෛනිකව සිදුවන රිය අනතුරු වළක්වා ගැනීමට ඉදිරියේදී දැවැන්ත රථ වාහන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේය.

 

Related posts

බ්‍රිතාන්‍යයට යන ශ්‍රී ලාංකිකයින්ට නිරෝධායන ගැන දැනුම් දීමක්

Mohamed Dilsad

දියුණු රටවල් තහනම් කළ අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දීමට වත්මන් ආණ්ඩුව උත්සාහ කරනවා…! – විජේදාස රාජපක්ෂ…

Editor O

BRI වැඩපිළිවෙල ශ්‍රී ලංකාවට ගුණාත්මක ආර්ථික බලපෑමක් ඇති කරයි [වීඩියෝ]

Mohamed Dilsad

Leave a Comment