දේශීය

එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ 466,350 කට කොවිෂීල්ඩ් එන්නත

(UTV | කොළඹ) – එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ ඊයේ (28) දිනයේ පුද්ගලයින් 24,374 කට කොවිෂීල්ඩ් එන්නත ලබාදීමට කටයුතු කර ඇත.

ඒ අනුව මෙතෙක් එන්නත් ලබාදී ඇති මුළු සංඛ්‍යාව හාරලක්ෂ 66,350 ක්.

මේ අතර, දැනට සේවයේ නියුතු වයස අවුරුදු 75 සීමාවේ සිටින උප්පැන්න, මරණ හා විවාහ රෙජිස්ට්‍රාර්වරුන් සඳහා ද කොරෝනා එන්නත ලබාදෙන ලෙස රෙජිස්ට්‍රාර්වරුන්ගේ සංගමයේ සභාපති දුශ්‍යන්ත කරුණානායක රජයෙන් ඉල්ලීමක් කර සිටියි.

මේ අතර ඊයේ (28) දිනයේ නව ආසාදිතයන් 352 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 83,242 ක් දක්වා ඉහළ ගියහ.

වාර්තා වූ ආසාදිතයන්ගෙන් 346 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, බන්ධනාගාර පොකුරේ හතරදෙනෙකු සහ විදේශයන්හි සිට පැමිණි දෙදෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ.

 

Related posts

රනිල් දිනවන්න තරුණ මන්ත්‍රීවරුන්ගේ සන්ධානයක්

Editor O

සුදු සීනි ආනයනය කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරයි

Mohamed Dilsad

ගුවන් හමුදා පුහුණු යානයක් හදිසියේම ගොඩබස්වයි

Mohamed Dilsad

Leave a Comment