ගොසිප්

“මහින්ද සුළඟ” ආරම්භ කිරීම වරදක් නම් ඊට සමාව ගන්න සූදානම්

(UTV | කොළඹ) – 2015 ජනවාරි මාසයේ 08 වෙනිදා මහින්ද රාජපක්ෂ මහතා පරාජය වුවාට පසුව නුගේගොඩින් ආරම්භ කෙරු “මහින්ද සුළඟ” දේශපාලන ගමනේ ආරම්භක පුරෝගාමින් කිහිප දෙනා අතුරින් තමාද එක් අයෙකුවීම වරදක් නම් තමන් ජාතියෙන් සමාව ඉල්ලීමට සූදානම් බව අමාත්‍ය විමල් වීරවංශ ප්‍රකාශ කරයි.

අද මීගමුව අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

පසුගිය සති අන්තයේ තමන් විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ නායකත්වය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත් කළ යුතු බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු සඳහන්කර සිටියේ මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කිරීමක් තමන් අදහස් නොකළ බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාට පක්ෂයේ ඉහළ තනතුරක් ලබා දීම කළ යුතු බවත් පමණක් තමන් පැවසූ බවද ඔහු ප්‍රකාශ කරයි.

ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා බවට පත්කළ යුතු බව කියමින් එය යථාර්තයක් බවට පත් කර ගැනීමට කටයුතු කිරීම වෙනුවෙන් කැපවීම වරදක් නම් ජාතියෙන් සමාව ගත යුතු බව ද වීරවංශ මහතා පවසයි.

 

Related posts

ඩයනාගේ ප්‍රකාශය සමස්ත කාන්තා පරපුරටම නිගාවක් – ඕමල්පේ සෝභිත හිමි

Mohamed Dilsad

මදුෂ්ගේ අවසන් කටයුතු අද[PHOTOS]

Mohamed Dilsad

ධම්මිකගේ පැණිය කථානායක අතටත් යයි [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment