ගොසිප්

හිටපු ජනපතිට නඩු පැවරීමට සූදානමක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදවා ගැනීමේ අන්තර්ජාතික සංවිධානය විසින් තවත් නොබෝ දිනකින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බව පවසයි.

පොලිස්පතිවරයා නීති විරෝධී ව්‍යවස්ථා විරෝධී ආකාරයට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් මෙලෙස ඔහුට නඩු පැවරීමට නියමිත බව වාර්තා වේ.

මහා බ්‍රිතාන්‍ය මූලස්ථානය කර ගත් මෙම සංවිධානය ස්විස්ටර්ලන්තය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, ජපානය, ඉතාලිය, ආදී රටවල් රැසකින් ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකා පොලිසියේ නිත්‍ය සේවාවේ සිට විවිධ දේශපාලන බලපෑම් මත අසාධාරණයට ලක්ව පොලිස් සේවයෙන් ඉවත් වී විදේශ ගතව සිටින පොලිස් නිලධාරීන් විශාල පිරිසකගෙන් මෙය සංවිධානය වී තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දහනම වැනි ව්‍යවස්ථා සංශෝධනය උල්ලංඝනය කරමින් නීතිය හා සාමය අමාත්‍ය ධුරය සියතට ගනිමින් පාස්කු දින බෝම්බ ප්‍රහාරයට හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර වග කිව යුතු බව පවසමින් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම නීති විරෝධී කටයුත්තක් බව ඔවුන් පවසයි.

මීට පෙර සැම්බියාව, සුඩානය වැනි රට වල පොලිස්පතිවරුන් ප්‍රශ්න කිරීමට ලක් කරත් ලොව කිසිම රටක පොලිස්පතිවරයෙක් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයට පත් කර නොමැති බවත් එය පොලිස් දෙපාර්තමේන්තුවට කරන ලද බලවත් අවමානයක් බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Related posts

පාසැල් සිසුවෙකු නිසා කළුතරින් නව පොලිස් පොකුරක්

Mohamed Dilsad

ජෝන්ට පරණ පිනක් පෑදෙයිද

Mohamed Dilsad

ගණිකා වෘත්තිය නීතිගත කිරීමට JVP මන්ත‍්‍රිනී එකඟයි

Mohamed Dilsad

Leave a Comment