ගොසිප්දේශීය

නරේන්ද්‍ර මෝදි මාර්තු මස ලංකාවට

(UTV | කොළඹ) – ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එළැඹෙන මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.

බිම්ස්ටෙක් සමුළුව මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා එක්වීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙසේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ඉන්දියාවේ කළ සංචාරයේදී ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා හා පැවැති හමුවේදීද මේ පිළිබඳව සාකච්ඡා වී තිබේ.

එසේම මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වන ලෙස ඉන්දීය විදේශ අමාත්‍යවරයාට ජී.එල්. පීරිස් මහතා ආරාධනා කර තිබේ.

Related posts

දේශබන්දු ගැන පාර්ලිමේන්තු විවාදය අගෝස්තු 05 වෙනිදා

Editor O

අමෙරිකාවේ ප්‍රධාන මෝටර් රථ නිෂ්පාදන සමාගම් තීරණයක් ගනී

Mohamed Dilsad

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී ඇතැමුන් අධි තක්සේරුවෙන් කටයුතු කළා – පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක

Editor O

Leave a Comment