ව්‍යාපාරික

නව සංචාරක පුහුණු පාසල් 04 ක්

(UTV | කොළඹ) – නව සංචාරක පුහුණු පාසල් 04 ක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

දිස්ත්‍රික් මට්ටමින් සංචාරක පුහුණු පාසල් ස්ථාපිත කිරීමේ රජයේ තීරණය අනුව මෙම මෙම සංචාරක හෝටල් පාසල් මේ වසරේදී පිහිටුවීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

සංචාරක හෝටල් කළමනාකරණ ආයතනයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

කොළඹ ප්‍රධාන සංචාරක හෝටල් පාසලට අමතරව මහනුවර, කුරුණෑගල, අනුරාධපුරය, බණ්ඩාරවෙල, කොග්ගල, රත්නපුරය, පාසිකුඩා හා යාපනේ ප්‍රදේශ ආශ්‍රිතව හෝටල් පාසල් ක්‍රියාත්මක වුවද මෙරට සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි හෝටල් පාසල් ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇත.

මෙම සංචාරක හෝටල්වල සංචාරක හා හෝටල් ක්ෂේත්‍රයට අදාල විවිධ පාඨමාලා ක්‍රියාත්මක වීමේදී මෙම පාඨමාලා උපාධි පාඨමාලා දක්වා ඉහළ නැංවීමේ අවශ්‍යතාවයද ඇමතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

දැනට ඇති පාඨමාලා වලට අමතරව සාමාන්‍යපෙළ සුදුසුකම් රහිත එහෙත් මෙම ක්ෂේත්‍රයේ රැකියා කරන හා එම ක්ෂේත්‍රයට උනන්දුවක් ඇති තරුණ තරුණියන් වෙනුවෙන් ආරම්භක ඩිප්ලෝමා පාඨමාලාවක් හදුන්වා දීමට කටයුතු කරන ලෙසද ඇමතිවරයා මෙහිදී බලධාරීන්ට උපදෙස් දුන්නේය.

 

Related posts

රජය මීළඟට ගන්න සූදානම් වන ණය ප්‍රමාණය

Editor O

මහ බැංකුව නිත්‍ය තැන්පතු සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතික ඉහළ දමයි

Mohamed Dilsad

කුරුඳු, ගම්මිරිස්, කරාබුනැටි මිලත් නගී

Mohamed Dilsad

Leave a Comment