ක්‍රීඩා

කොවිඩ් එන්නත ලබාදීමේ ප්‍රමුඛතා ලැයිස්තුවට ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළත් නොවේ

(UTV | කොළඹ) – කොවිඩ් -19 නොමිලේ එන්නත ලබාදීම සඳහා වන ප්‍රමුඛතා ලැයිස්තුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළත් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටු ප්‍රධානී මහාචාර්ය අර්ජුනද සිල්වා මහතා ප්‍රකාශ කොට ඇත.

පෞද්ගලික අංශය විසින් එන්නත් ලබාදීම ආරම්භ කළහොත් ක්‍රිකට් ක්‍රීඩකයන්ටද එම පහසුකම ලබාගත හැකිබව මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කොට ඇතැයි වාර්තා වෙයි.

“එන්නත ලබා දීම සඳහා රජය දැනටමත් සෞඛ්‍ය සේවකයින් සහ ආරක්ෂක නිලධාරීන් නම් කර ඇති බැවින් ක්‍රිකට් ක්‍රීඩකයන්ව මේ මොහොතේ ප්‍රමුඛතා ලැයිස්තුවට ඇතුළත් කළ නොහැකියි” යනුවෙන් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සමඟ කළ සාකච්ඡාවකදී ප්‍රකාශ කොට ඇත.

පුහුණුකරු මිකී ආතර් හා ලහිරු තිරිමාන්න කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වීම හේතුවෙන් මේ වන විට නිරෝධනයට ලක්වී සිටින ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් අද දිනයේදී PCR පරීක්ෂණයට මුහුණ දීමට නියමිතය.

 

 

Related posts

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස චමින්ද වාස් පත්වෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

Mohamed Dilsad

2018 කනිෂ්ඨ ආසියානු කී‍්‍රඩා උළෙලේ පදක්කම් ලාභී කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ජනපතිගේ ඇගයීමට

Mohamed Dilsad

Leave a Comment