දේශීය

පාකිස්තාන අගමැති ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට සූදානම්

(UTV | කොළඹ) – පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ලබන 22 වනදා දිවයිනට පැමිණීමට නියමිත අතර ජනාධිපතිවරයා , අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා ඇතුලු පාර්ශව කිහිපයක් සමග සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

සිය සංචාරය තුළදී පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමටද නියමිත බව ඉන්දියාවේ හින්දු පුවත්පත වාර්තා කරයි.

කොවිඩ් වසංගතය ආරම්භයෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු රාජ්‍ය නායකයා වන්නේ ඉම්රාන් ඛාන් මහතායි.

2015 වසරේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතනු ලැබීය.

 

Related posts

ගල්කිස්සේදී අතුරුදන්වූ තරුණයෙකුගේ සිරුර සොයා ගනී

Mohamed Dilsad

ඩීසල් නෞකාවට මුදල් ගෙවයි

Mohamed Dilsad

බස්නාහිර ආණ්ඩුකාරවරිය සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment