විදෙස්

පළමු වරට මියන්මාර හමුදා පාලකයා ජාතිය අමතයි

(UTV | මියන්මාර) – හමුදා කුමන්ත්‍රණය සිදුවීමෙන් පසු පළමු වරට මියන්මාර හමුදා පාලකයා රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතා ඇත.

අවුන්සාන් සුචී මහත්මිය ඇතුලු පිරිසක් නිවාස අඩස්සියට ගැනීම ඔහු එමගින් සාධාරණීකරණය කර ඇති බවත් , නව මැතිවරණයක් පවත්වන බවටත් ඔහු සහතික වී තිබෙන බව විදෙස් වාර්තාවල දැක්වෙයි.

එහි ජයග්‍රාහකයාට රටේ පාලන බලය පවරන බවට ජනරාල් මින් අවුන් ලෙන් පොරොන්දු වී ඇත.

පසුගිය නොවැම්බර් මාසයේ පැවති මැතිවරණය දූෂිත බව පවසමින සුචී මහත්මිය ඇතුලු දේශපාලනඥයන් රැසක් අත්අඩංගුවට හෝ නිවාස අඩස්සියට ගැනීමට මියන්මාර හමුදා පාලකයන් කටයුතු කළේය.

මේ අතර අද දිනයේත් එරට ප්‍රධාන නගර රැසක විරෝධතා සංවිධාන කර ඇත.

නේ පි ටෝ අගනුවරට රැස්වූ දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් විසුරුවා හැරීමට මියන්මාර පොලිසිය ජල ප්‍රහාරද එල්ල කර ඇත.

කෙසේවෙතත් දැනට එරට තුළ හදිසි නීතිය බලාත්මක වන බැවින් විරෝධතාකරුවන්ට එරෙහිව සිය බලය යොදා ක්‍රියාමාර්ග ගත හැකි බව මියන්මාර ආරක්ෂක අංශ අවධාරණය කරයි.

 

 

Related posts

ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි අමෙරිකානුවන් සියරටට ගෙන්වා ගනී

Mohamed Dilsad

ඉන්දියාවේ තවත් බිහිසුණු දුම්රිය අනතුරක්

Mohamed Dilsad

පියුගෝ ගිනිකන්ද පිපිරීමෙන් මිය ගිය ගණන 25 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment