විදෙස්

ඉන්දියාවේ තවත් බිහිසුණු දුම්රිය අනතුරක්

අද (30) උදෑසන ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ සිදු වූ දුම්රිය අනතුරකින් මගීන් 9 දෙනෙකු මියගොස් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

 

විශාකාපට්නම් සිට පලාසා දක්වා ධාවනය වූ විශේෂ මගී දුම්රියක සංඥා නොලැබීම හේතුවෙන් නවතා තිබූ අවස්ථාවේ දී විශාකාපට්නම් සිට රයගාදා දක්වා ධාවනය වූ මගී දුම්රියක් නවතා තිබූ දුම්රියක ගැටී එම අනතුර සිදුව තිබේ.

කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය සඳහන් කර ඇත්තේ, මෙම අනතුර සංඥා නොදැකීම හේතුවෙන් සිදුව ඇති බවය.

 

මීට මාස කිහිපයකට පෙර දී ද ඔඩීෂා ප්‍රාන්තයේ දුම්රිය තුනක් එකිනෙක ගැටී සිදු වූ බිහිසුණු අනතුරකින් මගීන් 280කට අධික පිරිසක් මිය ගිය අතර විශාල පිරිසක් තුවාල ලැබීය.

Related posts

ජපන් සමාගම් රැසක් චීනය හැරයයි

Mohamed Dilsad

මොනාකෝහි පාපන්දු ක්‍රීඩකයින් රැගත් බස් රථයක් ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක්

Mohamed Dilsad

ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ළාබාලතම කොරෝනා මරණය වාර්තා වෙයි

Mohamed Dilsad

Leave a Comment