විදෙස්

ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ළාබාලතම කොරෝනා මරණය වාර්තා වෙයි

(UTV|කොවිඩ් 19) – කොවිඩ් 19 වෛරසය හේතුවෙන් අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ සිදුවූ ළාබාලතම මරණය වාර්තා වූ බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

11 හැවිරිදි පිරිමි දරුවෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර , එම ප්‍රාන්තයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි එම දරුවා රෝහල් ගත වී දින 5 කට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබා ඇති බව ද විදෙස් වාර්තාවල සඳහන් වේ.

මේ වන විට අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4000 කට ආසන්න බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වෛරසය ආසාදනය වීමෙන් අමෙරිකාවේ සිදුව ඇති සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 10,992,462 ක් ලෙස වාර්තා වෙයි.

Related posts

බ්‍රසීලයේ අවන්හලක වෙඩි තැබීමක්. 11 දෙනෙකු මරුට

Mohamed Dilsad

ඉන්දියාවේ, කේරළයේ ජාත්‍යන්තර වරායක් විවෘත කරයි. : කොළඹ වරායේ ආදායමටත් දැඩි බලපෑමක්

Editor O

ලොව මිටිම මිනිසා මිය යයි

Mohamed Dilsad

Leave a Comment