ක්‍රීඩා

ශ්‍රී ලංකා – ඇෆ්ගන් තරගය අද

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර තරගය අද (30) පැවැත්වීමට නියමිතව තිබේ.

 

තරගය මෙරට වේලාවෙන් පස්වරු 2.00ට පුනේ හිදී ආරම්භ වීමට නියමිතය.

 

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක්වීම හේතුවෙන් දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කර ඇති අතර ඊට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය ද හිමිවුණි.

 

ඒ අනුව දුෂ්මන්ත චමීර අද තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිතය.

 

මේ අතර කුසල් ජනිත් පෙරේරා වෙනුවට දිමුත් කරුණාරත්න අද තරගයේ ආරම්භක පිතිකරුවා ලෙස ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතින බවද ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන්කළේය.

 

Related posts

ශ්‍රී ලංකාවට එරෙහිව කොදෙව්වන් ප්‍රබල 20-20 හා එක්දින සංචිතයක් නම් කරයි

Mohamed Dilsad

ප්‍රශංසා රැසක් නැමිබියාවට

Mohamed Dilsad

හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් ට වසර 6ක තහනමක්

Mohamed Dilsad

Leave a Comment