දේශීය

විවාහක කාන්තාවක් අමානුෂික ලෙස ඝාතනය කෙරේ

අයගම ඉන්නකන්ද ප්‍රදේශයේ පහරදීමක් හේතුවෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

ඊයේ (29) රාත්‍රී කාලයේ පහරදීමක් හේතුවෙන් කාන්තාවක් බිම ඇද වැටී සිටින බවට අයගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

 

පොලිස් නිලධාරීන් විසින් තුවාලකාරිය අයගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබුණි.

 

මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 45ක් වන ඉන්නකන්ද, අයගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.

 

පවුල් ආරවුලක් හේතුවෙන් අනියම් ස්වාමිපුරුෂයා විසින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 

සිද්ධියට සම්බන්ධ සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා අයගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි

Related posts

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට පැමිණෙයි

Editor O

වසන්ත මුදලිගේ ඇතුලු පිරිස වෙනුවෙන් පෙත්සම් 03 ක්

Mohamed Dilsad

Leave a Comment