දේශීය

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද

‍05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද පැවැත්වීමට නියමිත ව තිබේ.

 

මෙවර ‍05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයන් 337,956 දෙනෙකු පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

විභාගය, මධ්‍යස්ථාන 2888ක දී පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

 

‍05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සහභාගි වන සියලු අපේක්ෂකයන් පෙරවරු 09 පමණ වන විට විභාග ශාලා වෙත පැමිණීම සිදු කළ යුතු බව විභාග කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කර තිබේ.

 

මේ අතර, ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත්වූ මාතර, අකුරැස්ස සහ මුලටියන අධ්‍යාපන කලාපවල විභාග අපේක්ෂකයන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා විභායට පෙනීසිටිමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා සඳහන් කර ඇත.

Related posts

තවත් සෞඛ්‍ය වර්ජනයක් ළගදීම

Mohamed Dilsad

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට දින නියම වෙයි

Mohamed Dilsad

කෙහෙළියගේ විශ්වාසභංග විවාදයට දින නියම වෙයි

Mohamed Dilsad

Leave a Comment