දේශීය

තවත් සෞඛ්‍ය වර්ජනයක් ළගදීම

(UTV | කොළඹ) – වෛද්‍ය නිළධාරීන් හැර සෞඛ්‍ය සේවාවේ සියළු කාර්යමණ්ඩල එළඹෙන 06 වෙනිදා උදාසන 7 සිට පැය විසිහතරක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

අත්‍යවශ්‍ය හා ජීවිතාරක්ෂණ සේවා සියල්ල ස්වෙච්චාවෙන් සැපයෙන බවත් ජනතාවගේ අපහසුතාවයන් අවම කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත් ඔවුන් පවසනවා.

කෙසේවෙතත් වෘත්තීය සමිති ජනතාවට දැනුම්දෙන්නේ අත්‍යවශ්‍ය නොවන සාමාන්‍ය සත්කාර සේවා සදහා එදිනට රොහල් වෙත නොපැමිණෙන ලෙසයි.

පෙරවරු 09 සිට සෞඛ්‍ය අමත්‍යාංශය සහ රෝහල් ඉදිරිපිට හර්තාල් ව්‍යාපාරයක්ද පැවැත්වීමට නියමිතයි.

මෙරට සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් මීට මාස කිහිපයකට පෙරත් සිය වැටුප් විශමතා ඇතුළු ඉල්ලීම් දිනාගැනීමේ අරමුණින් බව පවසා දීර්ඝ වැඩවර්ජනයක් සංවිධානය කර තිබුණා.

Related posts

රුහුණු කුමාරි පීලි පනී

Mohamed Dilsad

පළාත් කිහිපයකට මි.මී 75 ඉක්මවූ වැසි

Mohamed Dilsad

කොවිඩ් අවදානම නිසා නගර 3ක සියලු වෙළෙඳසැල් වසාදැමේ

Mohamed Dilsad

Leave a Comment